News

දහම් පාසල් අද සිට යළි ඇරඹෙයි

දහම් පාසල් අධ්‍යයන කටයුතු අද (16) සිට නැවත ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සදහන් කළේ අදියර දෙකක් ඔස්සේ එම කටයුතු ආරම්භ කරන බවයි.

ඒ අනුව 6 සිට 13 ශ්‍රේණි දක්වා අද දිනයේ සිට ද ද 1 සිට 5 ශ්‍රේණි දක්වා අගෝස්තු 23 වැනිදා ද වශයෙන් දහම් පාසල් නැවත ආරම්භ කිරීම සිදුවේ.