දානේ ගෙදර ගිය 2ක්ට කොවිඩ්
මස්කෙලිය බ්‍රවුන්ලෝ වතු යායේ කොවිඩ් 19 වෛසරය අසාදනය වු පෙර ආසාදිතයෙකුගේ නිවසේ පැවති දානමය පින්කමකට සහභාගි වු දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව තහවුරු වි ඇත.
ඉකුත් මස 29 දින පෑලියගොඩ මත්ස්යය වෙළඳපොලේ අසාදිතයෙකුගේ නිවසේ මෙම දානමය පින්කම පවත්වා ඇත.
එම දානමය පින්කමට පැමිණි සියළුම ආශ්‍රිතයන් 50 දෙනෙකු පමණ මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
එසේ ස්වයං නිරෝධානයට යොමු කර තිබු බ්‍රවුන්ලෝ වතු යායේ එක් අයෙකුට සහ මස්කෙලිය අප්කට් කින්කොරො වතු යායේ එක් අයෙකුට මෙසේ කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බව තහවුරු වී තිබේ.
