දින 10කින් හිඟ ඖෂධ වාර්තාවක් ඕනෑ-සුව ඇමැතිනියගෙන් නිලධාරීන්ට උපදෙස්
දිවයින පුරා රෝහල්වල හිඟ සියලුම අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ වාර්තාවක් දින 10ක් තුළ සකස් කර තමන්ට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ (16 වැනිදා) උපදෙස් ලබා දී ඇත.
රෝහල්වල පවතින ඖෂධ හිඟය පිළිබඳව සොයා බැලීම සඳහා වෛද්‍ය සැපයුම් අංශයේ සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත් විණි.
අත්‍යවශ්‍ය ඖෂධ 90ක් පමණ මේ වන විට හිඟවෙමින් පවතින බවද මෙහිදී අනාවරණය විය. අත්‍යවශ්‍ය ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීමටද මෙහිදී තීන්දු කර ඇත.
උදයජීව ඒකනායක
