News

දිනක් වයසැති බිළිඳියක් පන්සලේ දමා ගිහින්

අද (21) අලුයම හැටේ වත්ත ප්‍රදේශයේ පන්සලක් තුල බිළිඳියක් දමාගොස් තිබෙනවා. එම බිළිඳියට වයස දිනක් පමණ වන බවයි පැවසෙන්නේ.

පන්සලට පැමිණි පුද්ගලයෙකු බිළිඳියගේ කටහඬ ඇසි පොලිසිය දැනුවත්කර තිබෙනවා.

පසුව කුරුඳුවත්ත පොලිසිය විසින් බිළිඳිය රෝහල් ගත කර ඇත. බිළිඳිය දමාගිය මව පිළිබඳ තොරතුරක් තවම සොයාගෙන නොමැති බව වාර්තා වේ.