News

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

දිවයින හරහා විශේෂයෙන්උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විටහමනපැ.කි.මි.(40-50) දක්වා තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මේ අතර බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින අතර, වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.