දිස්ත්‍රික්ක 11කට ඩෙංගු රතු එළිය
ඩෙංගු රෝගීන් වාර්තාවීම අනුව දිස්ත්‍රික් එකොළහකට දැඩි අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, රත්නපුරය, කෑගල්ල, කල්මුණේ යන දිස්ත්‍රික්කවල මෙලෙස දැඩි අවදානමක් පවතින බව හඳුනාගෙන තිබේ.
මැයි මාසයේ ගත වූ දින නවයට ඩෙංගු රෝගීන් සියයක් වාර්තා වී ඇත. අප්‍රේල් මාසයටම වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් හාරසිය දහතුන් දෙනෙක් පමණයි.
ඉදිකිරීම් කලාප සහ ධීවර බෝට්ටු ආශ්‍රිතව ඩෙංගු මදුරු කීටයන් බහුලව හමු වූ බව කීට විද්‍යාඥයෙක් පවසයි. කෙසේ වෙතත් ඉදිකිරීම් කලාපවල පරිශ්‍ර පවිත්‍ර කිරීමේ වැඩසටහන් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් ජූනි මාසයේදී ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.
උදයජීව ඒකනායක
