දිස්ත්‍රික්ක කිහිපයකට අද රාත්‍රීයේ තද වැසි
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ඉක්මවූ තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ සබරගමුව, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
