News

දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර අද විශේෂ සාකච්ඡාවක්

මහ මැතිවරණය සදහා නාමයෝජනා භාරදී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද(02) පැවැත්වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසමේ නියෝජිතයෙකු සදහන් කළේ අද උදෑසන 11.15ට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

මේ අතර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා අංක ලබාදිමේ කටයුතු හෙට (03) දිනයේ දී සිදුකිරීමට නියමිතයි.