දේශීය කිරිපිටි මිල ඉහළට
දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි මිල ඉහළ නැංවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. හයිලන්ඩ්, නෙස්ලේ සහ පැල්වත්ත කිරිපිටි සමාගම්වලට මෙලෙස කිරිපිටි මිල ඉහළ නැංවීමට අවසර හිමිවී තිබේ.
ඒ අනුව කිරිපිටි කිලෝග්රෑමයක මිල රුපියල් 945 දක්වාද, ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 380 දක්වාද වැඩි කිරීමට පියවර ගෙන ඇත. මෙලෙස කිරිපිටි මිල ඉහළ නැංවීම තුළින් දේශීය වෙළෙඳ පොළේ අලෙවි වන ආනයනික කිරිපිටි මිල හා සමාන වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් මීට පෙර පාඩු ලබමින් සිය නිෂ්පාදන කටයුතු සිදුකර ඇත.
උදයජීව ඒකනායක
