දෛනික වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ
කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දෛනිකව සිදුකරන වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (08)දිනයේ සිදුකෙරුණු අතර එම සංඛ්‍යාව 1,821ක්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ, එම පරීක්ෂණවලින් 717 ක් කේෂ්ත්‍රයේ සිදු කරනු ලැබු බවයි.
නාවික සාමාජිකයින්ගේ ගම්බිම්වල ප්‍රධාන වශයෙන් මෙම කේෂ්ත්‍ර PCR පරීක්ෂණ සිදු කරන බවද පැවසු වෛද්‍යවරයා, ඊට අමතරව කොළඹ ප්‍රදේශයේ විවිධ සැලකිය යුතු ප්‍රමාණයක් කළ බවද පැවසීය.
මේ අතර නිරෝධායන මධ්‍යස්ථානවල ද ඊයේ දිනය තුළ 247 ක් හා බණ්ඩාරනායක පුර , දාබරේ මාවත යන ප්‍රදේශවලින් රෝගීන් වාර්තා නොවන බැවින් දින කීපයක් ඇතුළත මෙම ප්‍රදේශ නැවත විවෘත කළ හැකි වෙනු ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.
