දෛනික වැඩිම ආසාදිතයින් ගණන කොළඹින්
ආසාදිතයන් 535ක් ඊයේ (09) දිනයේ හඳුනා ගත් අතර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන තිබේ.
මේ අනුව ඊයේ (09) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 148ක් හඳුනා ගෙන තිබෙනවා. එසේම මහනුවර දිස්ත්‍රික්කයෙන් 111ක්, කෑගල්ලෙන් 64ක්, ගම්පහ 59ක්, රත්නපුරයෙන් 31ක්, මාතර 28ක්, කළුතරින් 20ක්, මඩකලපුවෙන් 19ක්, කුරුණෑගල හා මාතලෙන් 11ක්, ත්‍රිකුණාමලය 8ක්, ගාල්ලෙන් හා අනුරාධපුරයෙන් 5ක්, මොනරාගල 4ක්, නුවරඑළියෙන් 3ක්, පොළොන්නරුව හා අම්පාරින් දෙදෙනෙක් හා යාපනයෙන් හා මුලතිව් යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වී ඇත.
එසේම කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් ගණන නාරාහේන්පිට ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය සංඛ්‍යාත්මකව ආසාදිතයන් 30ක් .
මීට අමතරව බොරැල්ල, බ්ලුමෙන්ඩල්, මට්ටක්කුලිය හා අවිස්සාවේල්ල යන ප්‍රදේශවලින් ද වැඩි වශයෙන් ආසාදිතයින් සොයාගෙන තිබේ.
මේ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 47,839ක් වන අතර ඉන් 40,837ක් පූර්ණ සුවය ලබා ඇත.
මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 229ක් බවට පත්ව තිබෙන අතර ඊයේ (09) දිනයේද ආසාදිත මරණ 4ක් වාර්තා වී තිබුණා.
