නව ආසාදිතයන් වැඩිම ගණන කොළඹින්
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වැඩිම ගණනක් සොයා ගෙන ඇති අතර එය සංඛ්‍යාත්මකව 304ක් බව පැවසෙනවා. එලෙස ඊයේ කොළඹින් හමුවූ ආසාදිතයන් ද ඇතුළුව නව ආසාදිතයන් 538ක් ඊයේ (10) දිනයේ මෙරටින් හඳුනාගෙන ඇත.
මේ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 30,613ක් දක්වා ඉහල යනවා.
එසේම මහනුවර දිස්ත්‍රික්කයෙන් 38ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28ක් ඊයේ (10) හමුවී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.
මේ අතර ඊයේ (10) හඳුනාගත් ආසාදිතයන් අතර 68 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයයි. ඉන් එක් අයෙක් විදෙස් ජාතික නාවික ආරක්ෂක නිලධාරියෙක් බව පැවසෙනවා.
මෙරට සමස්ත මරණ ගණන 146ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඉන් කොවිඩ් මරණ දෙකක් ඊයේ (10) වාර්තා වී තිබේ.
එමෙන්ම මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන් ගණන 8,206ක් දක්වා ඉහළ ගොස් ඇත.
