News

නව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය – සම කැබිනට් ප්‍රකාශකවරු උදය සහ රමේෂ්

නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත් ක‌ර තිබේ.

රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු පත්කර ඇති බවට වාර්තා වේ.

අද (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී මෙම පත්වීම සිදුකර ඇත.