News

නව කොවිඩ් ප්‍රභේදය නිසා ගුවන් මගීන් සම්බන්ධ තීරණයේ වෙනසක්

විදෙස් රටවල් කිහිපයකින් ම නව කොරෝනා ප්‍රභේදයක් හමුවීම නිසා මෙරටට පැමිණෙන ගුවන් මගින් සම්බන්ධයෙන් දැනට ක්‍රයාත්මක ක්‍රමවේදය තව දුරටත් ක්‍රියත්ම කිරීමට තීරණය කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඒ අනුව මෙරටට පැමිණීමට පෙර සියලුම ගුවන් මගීන් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් අනුමැතිය ලබාගත යුතු බවයි.

පසුගිය දා ක්‍රමවේදය ලිහිල් කිරීමට පියවර ගන්නා බව පැවසුනද එය එසේ නොවන බවයි පැවසෙන්නේ.