නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි
නව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා අද(04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවී ඇත.
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 18 වෙනි ගුවන් හමුදාපතිවරයා ලෙස සුදර්ශන පතිරණ මහතා පත් වී තිබේ.
නව ගුවන් හමුදාපතිවරයා ප්රහාරක ජෙට් යානා මෙහෙයවමින් බෙදුම්වාදි ත්රස්තවාදයට එරෙහි සටනේ දී දක්ෂතා පෙන්වූ නිලධාරියෙකි.
1990 වසරේ දී සුපර් සොනික් F7 සහ 1995 දී කෆීර් ජෙට් යානා දිවයිනට ගෙන ආ නියමුවෙකු හා කෆීර් ජෙට් බලගනයේ අණ දෙන නිලධාරියා ලෙසද සුදර්ශන පතිරණ මහතා කටයුතු කර තිබේ.
ධූරයට පත් වීමෙන් පසු ගුවන් හමුදාපතිවරයා සාම්ප්රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීමද සිදු විය .
නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ මහතා ඊයේ(03) දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ වැඩ භාරගනු ලැබීය.


ධූරයේ වැඩ භාරගත් අවස්ථාවේ ඡයාරූප පහතින්………






