නවක සිසුන් නිරුවත් කරලා – කොමිෂන් සභාවට පැමිණිලි
අම්පාර, ඔළුවිල්හි අග්නිදිග හා යාපනය යන විශ්වවිද්‍යාලයන්හි නවක වධ සිද්ධීන්ට සම්බන්ධ සිසුන් අට දෙනෙකුගේ ශිෂ්‍ය භාවය ජිවිත කාලයටම තහනම් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.
මෙම විශ්වවිද්‍යාල දෙකෙහිම මෙම නවක වධ සිද්ධීන්වලට සම්බන්ධ වූ සිසුන් මේ වන විට හඳුනාගෙන ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ‘අරුණ’ට ඊයේ (20 වැනිදා) පැවසීය.
අග්නිදිග විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨයේ නවක සිසුන් නිරුවත් කර නවක වධයට ලක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණිලි ද ලැබී තිබිණි. යාපනය විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨයේ නවක සිසුන්ට සති අන්තයේ නිවෙස්වලට යාමට නොදී බලහත්කාරයෙන් රඳවා ගනිමින් නවක වධයට ලක් කරන බව තහවුරු වී ඇතැයි ද මහාචාර්ය සම්පත් අමරතුංග කීවේය.
මේ අතර නවක වධ සිද්ධීන් හේතුවෙන් පේරාදෙණීය විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨය දෙවැනි වසර සිසුන්ට තහනම් කර ඇත.
