නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිය අරඹයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ අනුව, අද පෙරවරු 09.30ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්විම ආරම්භ විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන නවවන පාර්ලිමේන්තුවේ කථානායක ලෙස තෝරා පත්විය.
කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධනගේ නම සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යෝජනා කළ අතර, එය ස්ථීර කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින්ය.
අභිනව කථානායකවරයා සිය ප්‍රතිඥාව ලබාදීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සහ ප්‍රතිඥා දීම සිදුකරනු ලැබුහ.
නවවන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සියඹලාපිටිය මහතා පත් කර තිබේ.
ඊට අදාළ යෝජනාව මහින්ද අමරවීර මහතා විසින් සිදුකළ අතර නිමල් ලන්සා මහතා විසින් එය ස්ථිර කරනු ලැබූහ.
නිමල් සිරිපාල ද සිල්වා සහ දුමින්ද දිසානායක යන මන්ත්රීවරුන්ගේයෝජනා ස්ථිරත්වයෙන් නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් මහතා පත් කර තිබේ.
ඉන් පසු අදාළ පත් කිරීම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත් කළේය.
නවවනපාර්ලිමේන්තු වේ විපක්ෂනායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම ද කථානායකවරයා විසින් මෙහිදී ප්‍රකාශයට පත් කළේය.
