News

නාකොටික් නව අධ්‍යක්ෂවරයා ලෙස එස්.එස්.පී සුජිත් වෙදමුල්ල පත්කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

එම කාර්යංශයේ අධ්‍යක්ෂධුරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් මහතා ස්ථාන මාරුකිරීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

පසුගියදා සිදුකළ වැටලීම්වලදී සොයාගනු ලැබූ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ සිද්ධියට අදාළව මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම නව පත්වීමසිදු කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස සුදුස්සෙකු අනුයුක්ත කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් සිදු කර ඇති අතර ඒ සඳහා මෙම නව පත්වීම සිදු කර ඇත.