නාකොටික් නිලධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මෙම නිලධාරීන් 13න් දෙනා පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කර නොමැත.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පරීක්ෂණ වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කර ඇත.
එමෙන්ම මෙම නඩුවේ 14වන සැකකරු ලෙස ඩුබායි හි වසන “උදාර සම්පත් ” නැමැත්තා නම්කිරීමට අවසර දෙන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා ඇති බව වාර්තා වේ. එමෙන්ම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය එලෙස 14වන සැකකරු ලෙස නම් කිරීමට අවසර දී ඇත.
ඉදිරිපත් වූ කරුණු අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සැකකරුවන් 13 දෙනා ලබන 14 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
