නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලය වහයි
නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරුවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ඇසුරු කිරීම හේතුවෙන් එම කාර් යාලය අද (04) සිට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
අදාල ඉංජිනේරුවරයාගේ බිරිඳට කොව්ඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත.
එම නිසා සෘජු සම්බන්ධතා පැවැත් වූ සේවකයන් ඇතුළු පුද්ගලයන් 43 දෙනෙකු ඔහුන් පදිංචි නිල නිවාසවලම ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.
දුම්රිය ඉංජිනේරු කාර්යයාල වසා දැමීමත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ දැනට ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානයේ තාවකාලිකව නතර නොකිරිමට ද දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබේ.
නානුඔය දුම්රිය ස්ථානය සහ දුම්රිය ඉංජිනේරු කාර්යාල විෂබිජහරණයට ලක් කිරීමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.
ස්වයං නිරෝධායනයට යොමුකර ඇති දුම්රිය සේවකයින් පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය කිරීමට පියවර ගන්නා බවද වාර්තා වේ
