නිදහස් කරන්න සිටි රැඳවියන්ට කොවිඩ් ආසාදිතයි
නිදහස් කිරීමට නිර්දේශිත රැඳවියන් 95දෙනෙකු වීරවිල එළිමහන් කඳවුරු වලට රැගෙන ගොස් තිබියදී එම පිරිසෙන් කොටසකට කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන ඇත.
මේ අතර රැගෙන ගිය රැඳවියන් පිරිසෙන් 6දෙනෙකු තමනට නිවෙස් වෙත යාමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා අද (08) උදැසන සිට ආහාර වර්ජනයක නිරතවී තිබේ.
අධිකරණ ඇප මත මුදාහැරීමට නියම වී සිටි එම 95දෙනා ගෙන් දින 14ක නිරෝධායනයෙන් පසුව කොළඹට රැගෙනවිත් මුදා හැරීමට නියම වී තිබුනත් ඉකුත් 05වන දා තිස්සමහාරාම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරිවරයා විසින් මොවුන් PCR පරීක්ෂණට යොමුකර තිබේ. අනතුරුව ඊයේ (07) ලැබුන PCR වාර්තා අනුව එම පිරිසෙන් රැඳවියන් 46 දෙනෙකුට ආසාදිත බව හඳුනාගෙන තිබේ.
පසුව එදින (07 දා ) පොළොන්නරුව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැඳවියන් රැගෙන ගොස් ඇත.
