News

නිරෝධනය අවසන් කළ ගැබිණි කතට කොරෝනා

විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වූ හලාවත බංගදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ්-19 ආසාදනය වී තිබේ.

23 හැවිරිදි මෙම කාන්තාව පසුගිය ජුලි මස 31වන දින ඩුබායිහි සිට ලංකාවට පැමිණ වවුනියාව නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක්ව ඇති අතර එහිදී සිදු කළ පීසීආර් පරීක්ෂණ වලදී ඇය කොරෝනා ආසාදිතයෙකු නොවන බව තහවුරු ඇත.

පසුව අගෝස්තු 15 දින ඇය සිය නිවසට පැමිණ ඇති අතර නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී සිදුකළ පරීක්ෂාවකදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඇය හලාවත මූලික රෝහලේ කොරෝනා ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්ථා වෙයි.

ඇයගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.