News

නිරෝධායනය අවසන් පිරිසක් නිවෙස් වෙත

නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 224ක් අද (16) සිය නිවෙස් වෙත පිටව යෑමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට නිරෝධායනය අවසන් කළ සම්පූර්ණ සංඛ්‍යාව 41192කි.

එසේම මේ වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධන මධ්‍යස්ථන 59ක් තුළ පුද්ගලයින් 6255 දෙනෙකු නිරෝධනය වෙමින් සිටියි.