නිරෝධායනය වු නාවික සෙබලියන් 40 ක් නිවෙස් වෙත
හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදාවේ
වැලිසර කඳවුරේ සාමාජිකාවන් හතලිහක් (40) සිය නිරෝධායන කටයුතු සාර්ථකව
නිමකිරීමෙන් අනතුරුව සිය නිවෙස් වෙත පිටත්කර හැරීම ගාල්ල හබරාදූව පොලිස්
නිරෝධායන මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.
මෙම පිරිස දින දහහතරක නිරෝධායනය අතරතුර පසුගිය දා ( ජුනි මස 02) පී.සී.ආර්.
පරීක්ෂණයකටද මුහුණදුන් අතර එහි ප්‍රතිඵල සියල්ල කොවිඩ් නොමැති බව තහවුරු
වීමෙන් අනතුරුව මෙලෙස සිය නිවෙස්කරා පිටත්කර හැරීමට හැකිවූ බව හබරාදූව පොලිස්
නිරෝධායන මධ්‍යස්ථානයේ ස්ථානභාර වෛද්‍ය සංදීර ජයකොඩි මහතා පවසයි.
මෙලෙස නිරෝධායන කටයුතු අවසන්කර නාවික හමුදා සාමාජිකාවන් , නුවර ,කෑගල්ල
,කොළඹ,කලුතර,මාතර හා ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. තවත් එකසීය
පනස්පහක (155) නාවික හමුදා සාමාජිකයන් පිරිසක් තවදුරටත් මෙම නිරෝධායන
මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටිති.
ඩබ්ලිව්.එල්.අනුර – හබරාදුව
