News

නිව් ඩයමන්ඩ් නෞකාවේ යළි ගින්නක්

එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ අද (07) පස්වරුවේ යළි ගින්නක් හටගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.

ගැඹුරු මුහුදේ පවතින අධික සුළං ප්‍රවාහය සහ නෞකාවේ ලෝහ මත පවතින අධික උෂ්ණත්වය ඊට හේතුවී තිබේ.

ගුවන් හමුදාව සඳහන් කළේ අදාළ ගින්න නිවීම සඳහා අද උදෑසනත් ගිනි නිවීමේ ද්‍රාවණ කිලෝග්‍රෑම් 1000ක් ඉසීමට කටයුතු කළ බවයි.

නැව අභ්‍යන්තරයට ගිනි නිවීමේ ද්‍රාවණ එක්කිරීමේ හැකියාවක් මෙතෙක් ලැබී නොමැති බව ගුවන් හමුදාව පැවසීය.

කෙසේ වෙතත් ඊයේ දිනය වන විට එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවාදැමීමට නාවිකා හා ගුවන් හමුදාව සමත් වූහ.