නුවරඑළියේ කොරෝනා ආසාදිතයින් ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන තුන්සියය ඉක්මවා ගොස් ඇත.
එම දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර එම සංඛ්‍යාව 123කි.
ඊට අමතරව මස්කෙළිය සහ බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස වලින් ආසාදිතයින් 62දෙනෙකු ද වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෙ$ඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
