News

නොවිකිණුනු මාළු තොග ටින් කරන්න යයි

කොවිඩ් ව්‍යාප්තියෙන් අලෙවිකර ගැනීමට නොහැකිව තිබෙන මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 200 ක් වෙන්කර ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය ඇමැති රමේෂ් පතිරණ ඊයේ (27 වැනිදා) ප්‍රකාශ කළේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවැසීය.

ධීවරයන් සතු මත්ස්‍ය අස්වැන්න රජය මිලට ගැනීම සිදුකරමින් තිබෙන බව කී රාජ්‍ය ඇමැතිවරයා මෙම මාළු ටින් මාළු කර්මාන්තය සඳහා යොදා ගැනීමට යෝජනා කර ඇතැයිද කීවේය. ධීවරයා මුහුණ දෙන ගැටලුවට විසඳුමක් ලෙස සැමන්වලට පනවා ඇති බදු සහනය ඉවත් කර මාළු වෙළෙඳාමට අවශ්‍ය ශක්තිය ලබා දෙන ලෙසට රජයට යෝජනා කර ඇතැයිද කී හෙතෙම දවසකට සැමන් ටින් ලක්ෂ දෙකක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇතැයිද රජය සාධාරණ මිලකට ධීවරයාගේ මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීමට කටයුතු කරන බවද කියා සිටී.

අජිත් අලහකෝන්