News

නෞකාවක 230 ක් රැගෙන විශේෂ ගුවන් යානයක් මත්තලට

ගාල්ල වරායේ නවතා තිබෙන නෞකාවක කාර්ය මංඩලයක් රැගෙන නෙදර්ලන්තයේ ඈම්ට්‍රඩෑන් සිට පැමිණි විශේෂ ගුනන් යානයක් ඊයේ (03)  මත්තල ජාත්‍යන්තර ගුවන් තොටපොලට ගොඩ බෑ බව මත්තල ගුවන්
තොටුපොල කළමණාකරු උපුල් කළන්සුරිය මහතා පැවසිය.

දැනට ගාල්ල වරායේ නැංගුරම් ලා තිබෙන නෞකාවක 230 දෙනෙකුගෙන්  යුතු කාර්ය මංඩලයක් රැගෙන මෙම විශේෂ ගුවන් යානය ඊයේ(03)  පෙරවරු 08.40ට මත්තල ගුවන් තොටුපොලට ගොඩබස්සවනු ලැබීය.

ගුවන්යානයේ පැමිණි සියළුම දෙනා ගුවන්තොටු පොල තුළදිම විශේෂ  නීරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමෙන් පසු බස් රථ මගින් ගාල්ල වරාය  වෙත රැගෙන යාමට කටයුතු කෙරුණි.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ස්ථාපිත කර ඇති රසායනික න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතිචාර  බළගණයේ නිළධාරීන්ගේ අධික්ෂණය යටතේ සියළු නීරෝධායන කටයුතුසිදු කෙරුණි.

දැනට ගාල්ල වරායේ නවතා ඇති නෞකාවේ සිටින සේවකයින් 53 දෙනෙකු රැගෙන නැවත ගුවන් යානය 03 දින රාත්‍රියේදී නෙදර්ලන්ඩ් බලා පිටත්ව යාමට නියමිත බවද ගුවන්තොටුපොල කළමණාකරු උපුල් කළන්සුරිය
මහතා පැවසිය.

(නුවන් ජයසේකර – මීගහජදුර)