News

පලමු වරට කැබිනට් අමාත්‍යධූර හිමිවූවන්

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද (12) මහනුවර මඟුල් මඩුවේ දී පැවැත්විය.

නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමේදි මුල් වරට කැබිනට් අමාත්‍යධුර හිමිවූ මන්ත්‍රීවරු තිදෙනෙක් සිටී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රිඩා ඇමති ලෙස ලෙස පත්විය.

දෙවතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යධුරයට පත්විය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට මෙවර පළමු අවස්ථාවට පැමිණි අලි සබ්රි මහතා අධිකරණ ඇමති ලෙස තේරී පත්විය.