News

පසුගිය රජයෙන් ඇණවුම් කළ ටැබ් A/L සිසුනට නොදෙයි

ඉකුත් ආණ්ඩුව සමයේ සැලැසුමකට අනුව ආනයනය කෙරෙන ටැබ් පරිගණක උසස් පෙළ සිසුන්ට ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ටැබ් පරිගණක එක්ලක්ෂ හැත්තෑදහසක් ගෙන්වීමට සැලැසුම් කර තිබුණ ද දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු එම සංඛ්‍යාව අනූ හයදහසක් දක්වා අඩු කිරීමට තීරණය වී තිබේ.

මෙම ටැබ් පරිගණක උසස් පෙළ විද්‍යා, ගණිත ගුරුවරුන්ට, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරුවරුන්ට හා ඒවායේ ඉගෙන ගන්නා ගුරු සිසුන්ට ද ලබා දීමට අමාත්‍යාංශය දැනට තීරණය කර තිබේ.

මෙම පරිගණක ගෙන්වීමේ ගිවිසුම අවලංගු කිරීම සඳහා අමාත්‍යාංශය දැඩි උත්සාහයක් ගෙන ඇතත් ඊට අදාළව පත් කරන ලද කැබිනට් අනුකමිටුවේ නිර්දේශය වී ඇත්තේ නිෂ්පාදනය කර ඇති ප්‍රමාණය හෝ අනිවාර්යයෙන් මිල දී ගත යුතු වන බවය. නැතහොත් අදාළ ආයතනය නඩු මගට යෑමට නියමිත තිබෙන බවද කමිටුවේ අදහස වී තිබිණි.

නිලන්ත මදුරාවල