පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරන චක්‍රලේඛය ගැන තීන්දුව එන සතියේ
ලබන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සමාන්‍ය පරිදි ජුනි මස මුලදී නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව ලබන සතියේ තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ‘අරුණ’ට ඊයේ (20 වැනිදා) පැවැසීය.
අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා දෙමව්පියන්ට නිදහස් පරිසරයක් පවතින්නේද යන්න චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණක් යැයිද එහෙයින් චක්‍රලේඛය නිකුත් කිරීමේ තීරණය ගැනෙන්නේ පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුව යැයිද එම නිලධාරියා කීවේය.
දැනට පවතින චක්‍රලේඛයට සුළු සංශෝධන කිහිපයක් යෝජනා වී ඇතත් ඒ පිළිබඳවද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත් හෙතෙම සඳහන් කළේය.
එළැඹෙන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා අයැදුම්පත් කැඳවන්නේ පෙර වසරේ ජූනි මස පළමුවැනිදා සිට 30 වැනිදා අතර කාලයේදීය.
නිලන්ත මදුරාවල
