පළාත් කිහිපයකට ඉදිරි දින කිහිපය තුළ ගිගුරුම් සහිත වැසි
ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විශේෂයෙන් කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මිලිමීටර් 100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවයි.
ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40 දක්වා වැඩි විය හැකි ය.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති විය හැකි අතර එය පැයට කිලෝ මීටර් 70-80 දක්වා ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
