News

ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේදීත් තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළගේ වේගය ක්ෂණිකව පැ. කි. මි (70-80) දක්වා ඉහල යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර අද (02) දින දහවල් 12:09ට මදුරන්කුලිය, තල්ගස්වැව, හුණුගල්ලෑව, මනම්පිටිය සහ කල්කුඩා ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පවසයි.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.