News

ප්‍රබල අකුණු පිළිබඳ රතු නිවේදනය

ගොඩබිම් ප්‍රදේශ සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව වයඹ, බස්නාහිර, සබරගමුව,දකුණ ,උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

ඒ සමඟම ප්‍රබල අකුණු ද ඇති විය හැකි බව කාලගුණ අංශ පවසයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන තැන් වල තාවකාලික තද සුළං ද ඇති වෙයි.