ප්රවීණ සංගීත අධ්යක්ෂක රංජිත් ඩයස් අභාවප්රාප්ත වෙයි
ප්රවීණ හා ජනප්රිය සංගීත අධ්යක්ෂකවරයෙකු වන රංජිත් ඩයස් මහතා අභාවප්රාප්ත වී තිබේ.
ඒ මහතා ඊයේ (10) රාත්රීයේ තම සංගීත ශබ්දාගාරය තුළ හදිසියේම මියගිය බව පවුලේ ඥාතීන් සදහන් කරයි.
රංජිත් ඩයස් ශූරීන් ආර්ය පදනමේ නිලධාරී මණ්ඩලය වසර ගණනාවක් නියෝජනය කර තිබේ.
ඒ මහතා විසින් ප්රවීණ සංගීතවේදීන්, නවක හා ප්රවීණ කලාකරුවන් අති විශාල ප්රමාණයක් බිහිකිරීම විශේෂත්වයකි.
රංජිත් ඩයස් මහතාගේ අවසන් කටයුතු හෙට (12) ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
දේහය නො 47/7A, ශ්රී මේධානන්ද මාවත, ලක්ෂපති, මොරටුව ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.
