News

ප්‍රවීන සිනමා නළුවෙක් කොවිඩ් ආසාදනයෙන් මියයයි

ප්‍රවීන සිනමා නළුවෙක් වන ඉන්දීය සෞමිත්‍රා චැටර්ජි කොවිඩ් ආසදිතව මියගොස් ඇත. ආසාදනය හේතුවෙන් මිය යද්දී 85 වියැති ඔහු පසුගිය ඔක්තෝම්බර් 6 වනදා කොල්කටා නුවර රෝහලකට ඇතුළත් කෙරුණේ කොවිඩ් ආසාදනය හේතුවෙන් බව වාර්තාවේ.

තිර රචකයෙකු, වේදිකා නළුවෙකු සහ කවියෙකු ලෙස කටයුතු කර ඇති ඔහු සිනමා නිර්මාණ 300 කට පමණ දායක වී ඇති බව පැවසේ. එමෙන්ම ඔහුගේ චිත්‍රපට 14 ක ප්‍රධාන නළුවා ලෙස ද රඟපා තිබෙනවා.