ප්‍රසිද්ධ නිළියක් ගංජා සමග මාට්ටු
ඉන්දියානු ප්‍රකට ප්‍රහසන රංගන ශිල්පිනියක වන භාරතී සිංගේ නිවසේ තිබී ‘ගංජා’ සොයා ගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ. ඇයගේ ස්වාමි පුරුෂයා වන චිත්‍රපට තිරචක හර්ෂ් ලිම්බඩියා සමග ‘හවුලේ බෙදාගන්නා’ නිවසේ තිබී ගංජා ග්‍රෑම් 86.5ක් සොයාගත් බව රංගන ශිල්පිනිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කර ඇත.
ඉන්දියාවේ ජනප්‍රියතම රූපවාහිනි රියැලිටි වැඩසටහනක් වන ‘ඉන්ඩියන් බෙස්ට් ඩාන්සර්’ (Indian Best Dancer) සඳහා සම අනුග්‍රහකත්වය දක්වන්නේ භාරතී සිං සහ ඇයගේ ස්වාමි පුරුෂයාය. ඉන්දීය විනෝදාස්වාද ක්ෂේත්රයේ (Entertainment Industry) නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව එල්ල වන චෝදනා පිළිබඳව මත්ද්‍රව්‍ය කාර්යාංශය පවත්වන විමර්ශනවල තවත් පියවරක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඉන්දීය ජනප්‍රිය නළු සුශාන්ත සිංගේ මරණය සහ සිනමා ක්ෂේත්රයේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සබඳතා අනාවරණය වීමත් සමග පසුගිය ජූනි මාසයේදී ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙලෙස රූපවාහිනි සහ සිනමා ලෝකයේ ජනප්‍රිය පුද්ගලයන්ගේ මත්ද්‍රව්‍ය සබඳතා පිළිබඳ විමර්ශන ආරම්භ කළේය. මේ වන විටත් එම විමර්ශන යටතේ ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිපදෙනෙකුගේම නිවාසවල වැටලීම් සිදුකර ඇත.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග මාධ්‍ය ආයතනයක් පවත්වා ඇති සම්මුඛ සාකච්ඡාවකදී භාරතී සිංගේ’ නම අනාවරණය වී තිබේ.
නයන තරංග ගමගේ
