News

පාන්, බනිස් මිල පාලනයට මැදිහත් විය නොහැකියි- පාරිභෝගික සේවා අධිකාරිය

පාන් හා බේකරි නිෂ්පාදන සඳහා පාලන මිලක් නොමැති නිසා ඒවායේ මිල ඉහළ යාම පාලනය කිරීමට මැදිහත් විය නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ආනයනික මාගරීන් සහ ෆාම් තෙල් වෙනුවෙන් අය කෙරෙන බදු ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීන්දුව හේතුවෙන් පාන් සහ බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සූදානම් වෙයි.

නව බදු සංශෝධනය පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මකය. බේකරි නිෂ්පාදනවල ප්‍රමිතිය සම්බන්ධ‍යෙන් මහජන පැමිණිලි මත සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශන සිදුකරයි.

උදයජීව ඒකනායක