පාන්දර 1ට ඇවිත් ස්වර්ණමාලිය ළඟට යන්න ඉල්ලා රාජ්‍ය ඇමැති පාට් දමයි
අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමට පෙරේදා (06 වැනිදා) අලුයම එකට පමණ පැමිණි මධ්‍යම පළාත නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකු එහි සිටි පොලිස් නිලධාරීන් සමග මත ගැටුමක් ඇති කර ගෙන ඇති බව වාර්තා වෙයි.
තවත් පුද්ගලයින් පිරිසක් සමග පැමිණ රුවන්වැලි සෑය වැඳීමට අවශ්‍ය බව පවසමින් පොලිස් නිලධාරීන් සමග මත ගැටුම ඇති කරගෙන තිබේ. එහිදී පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අවේලාවේ චෛත්‍ය වන්දනා කිරීමට ඉඩ ලබා නොදෙන බවයි. රුවන්වැලි මහසෑය වන්දනා කිරීමට බැතිමතුන්ට දිනපතා රාත්‍රී 10.00 වන තුරු අවස්ථාව ලබා දෙයි. කෙසේ වෙතත් මෙවැනි මත ගැටුමක් ඇති වූ බව රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන්ද තහවුරු කර සිටියි. කෙසේ වෙතත් එහි දී පොලිස් නිලධාරීන් අවස්ථාව ලබා නොදීම නිසා මෙම රාජ්‍ය ඇමැතිවරයා රුවන්වැලි සෑ පුදබිමෙන් ඉවත්ව ගොස් ඇත.
උදයජීව ඒකනායක
