පාර්ලිමේන්තු ආරක්ෂාවට උපදෙස් දෙන්න නුසුදුස්සෙක්
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට ඒ සඳහා කිසිම සුදුසුකමක් නොමැති එහි සේවය කළ විශ්‍රාමික ඉහළ නිලධාරියකු පත් කිරීමට සැලැසුම් කර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා රැස් වූ ආරක්ෂක කවුන්සලයේ දී මෙම තනතුර සඳහා පුද්ගලයකු බඳවා ගැනීමට සැලැසුම් කර ඇත.
දැනට පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට වේත්‍රදාරි හා පාර්ලිමේන්තු පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයකුගේ අධීක්ෂණය යටතේ සිදු කරන අතර අලුතෙන් බඳවා ගන්නා ආරක්ෂක උපදේශක ඊට වඩා ආරක්ෂාව සම්බන්ධයෙන් අත්දැකීම් බහුල ඒ හා වෘත්තියක නියැලුණු අයෙකු විය යුතු බව එහි සේවකයෝ පවසති.
එම නිලධාරියා විශ්‍රාම ගිය පසුව පසුගිය යහපාලන ආණ්ඩුවේ ද ඉහළ තනතුරක් ද දරා ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් කළ විමසුමක දී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ දී එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවද එවැනි තනතුරක අවශ්‍යතාවක් නොමැති නිසා එය තීන්දු නොවුණු බවයි.
චමින්ද සේනාරත්න
