පාර්ලිමේන්තු මහජන ගැලරිය තාවකාලිකව වැසේ
නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවා තිබේ.
පාර්ලිමේන්තු සන්නිවේදන අංශයේ අධ්යක්ෂ ශාන් විජේතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශවලට යටත්ව, මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රන්නාදු මහතා පවසයි.
සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේ දීපාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කෙරෙන දිනය දැනුම් දෙන බව සඳහන් වෙයි.
