පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද පෙරවරුවේ පාර්ලිමේන්තු න්‍යයා පත්‍රයට අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව අධිකරණ අමාත්‍ය අලිසබ්රි මහතා විසින් පළමුවර කියවමින් අද ඉදිරිපත් කළේය.
එම අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අසුනෙන් නැගී සිටිමින් කියා සිටියේ ලාංකීය දේශපාලනයේ ඉතිහාසයේ අදුරුතම දිනයක් බවයි.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පැහැති පටි තම අතේ පැළද විවිධ පුවරු පෙන්වමින් සිය විරෝධය දක්වමින් සිටියි.
එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සිය අසුන්වලින් නැගිට සභා ගර්බයේ ඉදිරියට පැමිණෙමින් සිටියි.
මේ වන විට දැඩි ඝෝෂාකාරී තත්ත්වයත් සමග පාර්ලිමේන්තු කටයුතු සිදුකෙරෙමින් තිබේ.
