පාවෙන වෙළඳ සංකීර්ණයේ පිළිසකර කිරීම් 24 අරඹයි
ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ (Floating Market) පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කිරිම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් 24 දා පෙ.ව. 8.30 ට එම ස්ථානයේ දී ආරම්භ කිරීමට නියමිත වෙයි.
පසුගිය වසර 4 1/2 ක කාලය තුළ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයෙහි නිසි පරිදි නඩත්තු කටයුතු සිදුනොවූ නිසා වෙළඳසැල් සියයට අසූවක් පමණ වසාදැමීමට සිදුවූ බව වෙළඳසැල් හිමියන් පවසයි.
පාවෙන වෙළඳ සැල් තිබෙන ඇලෙහි ජලය අපිරිසිදු වීම නිසා පසුගිය කාලය තුළ දැඩි පාරිසරික ප්‍රශ්න ද මතුවී ඇත.
මෙම සියලූ කරුණු ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කඩිනමින් පිළිසකර කරන ලෙසයි.
