News

පාසල් ආරම්භ කළ වහාම නිල ඇදුම් ලබාදෙනවා

පාසල් ආරම්භ කළ වහාම නිල ඇදුම් ලබාදීම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අසනු ලැබූ අතුරු ප්‍රශ්නයක් පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී විපක්ෂ නායකවරයා විසින් මෙතෙක් සිසු සිසුවියන් සදහා පාසල් නිල ඇදුම් ලබාදී නොමැති බවට අධ්‍යාපන අමාත්‍යංශයට චෝදනා කළේය.

ඊට පිළිතුරුදෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සදහන් කළේ දිස්ත්‍රික්ක 06ක් සදහා මේ වන විට නිල ඇදුම් ලබාදී ඇති බවයි.

පාසල් විවෘත නොකර සිසු සිසුවියන්ට නිල ඇදුම් ලබාදෙන්නේ කෙසේද යන්න අමාත්‍යවරයා විසින් ප්‍රශ්න කර තිබේ.

නිල ඇදුම් මෙන්ම පාසල් ආරම්භ කළ වහාම පෙළපොත් සියල්ල දරුවන්ට ලබාදන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.