පාසල් ආරම්භයට සුදුසු තත්වයක් නැහැ
කොරෝනා වෛසරය ව්‍යාප්තියත් සමග යළි පාසල් ආරම්භ කිරිමට සුදුසු තත්වයක් රටතුල නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී ඇත.
පාසල් විවෘත කිරිමේ දිනය තීරණය කරනු ලබන්නේ රටතුල වෛරසයේ ව්‍යාප්තිය සහ පාසල් තුල සනීපාරක්ෂක කටයුතු පවත්වාගෙන යාම පිළිබද අධ්‍යනයකින් පසුව බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ.
මැයි මස 11 වනදා පාසල් යලි විවෘත කිරිමට නියමිතව තිබුණා. එහිදී පාසල්වල 10 වන ශ්‍රේණියෙන් ඉහළ පංති පළමුව ආරම්භ කිරිමටයි අවධානය යොමුව ඇත්තේ.
