පාසල් සිසුවියන් සිව්දෙනෙකු හදිසියේම අසනීප වෙයි
හබරාදූව ලණුමෝදර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියන් සිව්දෙනෙකු හදිසියේම අසනීපවීම හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
හබරාදූව පොලීසිය පැවසුවේ එම සිසුවියන් පානය කළ ජලයට ටිනර් මිශ්‍රවීමෙන් මෙලෙස රෝගී වී ඇති බවයි.
එම සිසුවියන් සිව්දෙනා පාසල් කාලය තුළදී දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව නිවෙස් වලින් රැගෙන ආ ජලය පානය කර ඇත.
ඒ සමග ඇති රෝගී තත්ත්වයක් හේතුවෙන් සිසුවියන් සිව්දෙනා ආචාර්ය මණ්ඩලය විසින් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම සිසුවියන් සිව්දෙනා 10 ශ්‍රේණියේ ඉගෙන ලබන බව ගුරුවරුන් සදහන් කරයි.
සිසුවියන් නිවසින් රැගෙන ආ ජල බෝතල් වලට යම්කිසි පුද්ගලයෙකු විසින් ටිනර් මිශ්‍ර කළේද යන්න පිළිබදව සොයා බැලීමට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් මේ වන විට සිසුවියන් දෙදෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
