පෑලියගොඩ මාළු කඩෙන් පලාගිය සේවකයෝ සැඟව සිටියදී සොයාගෙන
පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණ කාර්යාලයේ සේවය කළ පසුව සැඟවසිටි කොවිඩ් ආසදිත සේවකයින් සිව්දෙනෙකු අද (07) පොළොන්නරුව මින්නේරිය ප්රදේශයෙන් සොයාගෙන ඇත.
සෞඛය අංශ සඳහන් කරන්නේ පසුගිය දිනෙක මෝදරදී පුද්ගලයන් 07 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර තිබූ බවත් ප්රථිපල පැමිණීමට ප්රථමයෙන් මෙම පිරිස කිසිවකුටත් නොකියා පොළොන්නරුව, මින්නේරිය ධීවර සංස්ථාවට අයත් නිකේතනයකට ධීවර සංස්ථා රථයකින් පැමිණ ඇති බවකි.
ගම්වාසීන්ට ලද තොරතුරු මත සෞඛය අංශ දැනුවත් කර ඇති අතර එම ස්ථානය පරීක්ෂා කර එහි සැඟව සිටියදී ඔවුන් පිරිස සොයාගෙන ඇත.
