පිටරටින් ගෙන්වන ඇඳුම්වලට බද්දක්
ලබන අප්‍රේල් මස 01 වනදා සිට ආනයනික නිමි ඇදුම් සඳහා බදු මුදලක් අය කිරීමට කටයුතු කරන බව දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
දේශීය නිමි ඇඳුම් කර්මාන්තය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
තත්ත්වයෙන් බාල නිමි ඇඳුම් ලංකාවට ගෙනඒම සම්පූර්ණයෙන් නතර කර රුපියල් 200 මිල රුපියල් 450 දක්වා විතර වැඩි වෙන බදු ක්‍රමයක් ඇති කිරීමට බලාපොරොත්තුවන බව අමාත්‍යවරයා පැවසීය.
