පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කෙරේ
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් 5 දෙනා නිදහස් කර තිබේ.
මඩකළපුව මහාධිකරණයේදී අද දින නඩුව කැදවූ අවස්ථාවේදී විනිසුරු ඩී.එස්. සූසෙයිදාසන් මහතා විසින් විත්තිකරුවන් 5දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
ජෝසප් පරරාජසිංහම් මහතා 2005 වසරේ දෙසැම්බර් මස 25 වනදා වෙඩි තබා ඝාතනය කෙරිණ.
