News

පිලිපීනයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 41ක් දිවයිනට

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පිලිපීනයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු දිවයිනට රැගෙන විත් තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ මැනිලා නුවර සිට ඊයේ (06) රාත්‍රීයේ ඔවුන් දිවයිනට රැගෙන එනු ලැබූ බවයි.

ඒ, ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකිනි.

එලෙස දිවයිනට පැමිණි මගීන් සියලුදෙනා ගුවන් තොටුපළ තුළදීම PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.